Saturday, December 6, 2025
  • මුල් පිටුව
  • අප ගැන
  • අපට කියන්න
Top Sri News
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ගොසිප්
  • දේශපාලන
  • ක්‍රිඩා
  • වෙනත්
No Result
View All Result
Top Sri News
Home දේශපාලන

පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

ඊයේ (30) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ අතර.....

July 2, 2023
in දේශපාලන
පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි
Share on FacebookShare on WhatsAppShare on Twitter

Related posts

සිගරට් මිල ඉහළට…

සිගරට් මිල ඉහළට…

July 2, 2023

පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි.

ඊයේ (30) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ අතර ඒ අනුව 4 වැනි අගහරුවාදා දින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන බවද මහලේකම්වරිය පැවසුවාය.

ජූලි 5 වැනි බදාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව 10.30 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා අටක් (08) විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

ජූලි 7 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පණ පනත යටතේ නියමයක් විවාදයට ගන්නා බවද මහලේකම්වරිය පැවසීය.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

පෙර පුවත

දිනකට පරිශීලනය කළ හැකි ට්විටර් පොස්ට් සංඛ්‍යාවට සීමාවක්

ඊළඟ පුවත

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

අදාළ පළ කිරීම්

සිගරට් මිල ඉහළට…
දේශපාලන

සිගරට් මිල ඉහළට…

July 2, 2023
ඊළඟ පුවත
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට විශේෂ කාරක සභාවක්

නිර්දේශිත පුවත්

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

2 years ago
පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව 5 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වෙයි

2 years ago
ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම

ජනපති ව්‍යාපාරිකයන්ගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම

2 years ago
සිගරට් මිල ඉහළට…

සිගරට් මිල ඉහළට…

2 years ago

FOLLOW US

පුවත් වර්ග

  • Uncategorized
  • දේශපාලන
  • දේශීය
  • වෙනත්
Top Sri News

Top Sri News Sri Lanka leading news provider

Follow us on social media:

ජනප්‍රිය පුවත්

  • උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
  • රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද
  • පැය පහක ගුවන් ගමනකින් පසු ‘මුතුරාජා’ මව් රටට

පුවත් වර්ග

  • Uncategorized
  • දේශපාලන
  • දේශීය
  • වෙනත්

නවතම පුවත්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

July 3, 2023
රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද

July 3, 2023
Design By : Lexiata.com
  • මුල් පිටුව
  • අප ගැන
  • අපට කියන්න

© 2022 topsrinews.com

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදේශීය
  • ගොසිප්
  • දේශපාලන
  • ක්‍රිඩා
  • වෙනත්

© 2022 topsrinews.com