රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ලට
රටවල් 50ක තානාපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා වයිස් රෝයි විශේෂ දුම්රියෙන් සංචාරයකට එක්වුණා.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා සංචාරක මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්වයි මෙය සංවිධාන කළේ. තානාපතිවරුන් රැගත් වයිස් රෝයි විශේෂ දුම්රිය නානු ඔය දුම්රිය ස්ථානයේ නතර කර යළිත් එහි සිට ඇල්ල දක්වා ගමන් කිරීමට නියමිතයි මෙම දුම්රිය ධාවනය වූ උඩරට දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයකම පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.










