රුහුණු මහා කතරගම අවසන් මහා පෙරහැර අද
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
හෙට (04 ) මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර පෙරහැර නිමාවට පත්වේ.
පසුගිය 19 වැනි දින කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ විය.
පෙරහැර ආරම්භ වූ දින සිට බැතිමතුන් ලක්ෂ 07 ක් පමණ කතරගම දේවාලය වන්දනා කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.












